brand logo

අල්ලස් කොමිසම පැවරූ නඩුවකින් ඇමති කෙහෙළිය සහ ජයන්ත ශ්‍රී බණ්ඩාර නිදහස්

20 January 2020

අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවකින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයන්ත ශ්‍රී බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් අද (20) නිදහස් කර තිබේ. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික දුරකතන බිල් ගෙවීම සඳහා පෙළඹවුයේ යැයි කියන චෝදනා මත මෙම නඩුව පවරා තිබුණේය. මහාධිකරණය එම චෝදනාවලින් නිදහස් කිරීම හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල් හා ජයන්ත ශ්‍රී බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
 

More News..