brand logo

අල්ලස් කොමිසමේ නඩුවෙන් රෝහිත බෝගොල්ලාගම නිදහස්

13 December 2019

අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(13) නියෝග කර ඇත. කොළඹ මහාධිකරණයෙන් ලද නියෝග ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 78 -1 වගන්තිය යටතේ අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම නඩුව ගොනුකිරීම හේතුවෙන් මෙම චෝදනාවලින් චූදිතයා නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. ඔහු ලැබූ චෝදනාව වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කල කාලයේ එම ධූරය අයුතු ලෙස භාවිත කරමින් බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවූ යැයි සඳහන් වන සිද්ධියට අදාළවය.
 

More News..