brand logo

අලගරත්නම් මනෝරන්ජන්' CID අත්අඩංගුවේ

14 October 2020

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කල "කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ" ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. ඒ කිරුලපන දී යි. 2019 වසර ජනාධිපතිවරණ ය පැවති දිනයේ බස් රථ 221කින් අවතැන් වූ ඡන්දදායකයින් පුත්තලම ප්‍රදේශයේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා රැගෙනයමින් ප්‍රවාහන පහසුකම් ලබාදී ඇත. මේ සඳහා ලංගම බස් රථ යොදාගෙන ප්‍රවාහන පහසුකම් සපයා තිබේ. එම රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු මෙන්ම මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ "කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ" අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් චෝදනා ලබා සිටිනවා.
 

More News..