brand logo

Update : අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වමින් ජනපති හමුවීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලූ පිරිස පොලීසිය විසුරුවා හරියි

22 March 2019

අරුවක්කාලු කසළ රඳවනයට එරෙහිව පුත්තලම නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීමට පොලීසිය පියවර ගෙන තිබේ. එහිදී ඇති වු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් උද්ඝෝෂකයින් වෙත බැටන් පොලු ප්‍රහාර එල්ල කළ බව වාර්තාකරු පවසයි. Update Time - 12.01 pm ------------------------------------------------------------------------------------------------------------------------------ අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණයක නිරතවි සිටිති. මේ හේතුවෙන් ජනාධිපතිවරයා සහභාගීවීමට තිබු වැඩසටහන් කිහිපයක් වෙනස් කිරීමට සිදුව තිබේ. පුත්තලමේ පැවැත්වෙන ග්‍රාම ශක්ති වැඩසටහන සහ නගරයේ විවෘත කිරීම් කිහිපයක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට පුත්තලම නගරයට ගොස් සිටී. ජනාධිපතිවරයා පළමුව සහභාගී වීමට තිබු උත්සව සභාව අසළ උද්ඝෝෂකයින් රැඳී සිටීම හේතුවෙන් පළමු වැනි විවෘත කිරීමට සහභාගී නොවූ ජනාධිපතිවරයා දිනය අවසානයේ සහභාගී වීමට තිබු වැඩසටහනට ගොස් සිය කතාව අරම්භ කළේය. පුත්තලම පොලීසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද අධිකරණ නියෝගය ද නොතකා ඔවුහු විරෝධතාවයෙහි නියැලී සිටිති. විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා හමුවී මෙම කසල ප්‍රශ්නය පිළිබඳව තමන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. නමුත් ඊට අවසරයක් ලබාදිය නොහැකි බව පවසන ආරක්ෂක අංශ මැදිහත්වී උද්ඝෝෂකයෝ නැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරති. පොලීසිය ,පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ,ජල ප්‍රහාරක රථද කැඳවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
 

More News..