brand logo

අරාබි බසින් ලියන ලද බැනර් 500ක් සහ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

30 April 2019

අරාබි බසින් ලියන ලද බැනර් 500 ක පමණ ප්‍රමාණයක් සහ ගංජා තොගයක් සමග දෙදෙනෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 29 වැනිදා කල්පිටිය - පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අරාබි බසින් ලියන ලද බැනර් තොගයක් නිවසක සගවා තිබෙන බවට ලද තොරතුක් මත පොලීසිය සහ නාවුක හමුදාව විසින් එම නිවස වටලා ඇත. එකී නිවසේ කාමරයක සගවා තිබූ බැනර් තොගය ආරක්ෂක අංශ විසින් එම අවස්ථාවේදී සොයා ගෙන ඇත. අරාබි රටවල් විසින් මෙරටට සිදු කරන ලද විවිධ ප්‍රදානයන් සම්බන්ධයෙන් මෙම බැනර් වල සටහන් කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත. පසුගිය 27 වැනිදාද කල්පිටිය - නාච්චිකල්ලිය කලපුව ආසන්නයේ තිබී මීට සමාන බැනර් 500 කට වැඩි ප්‍රමානයක් පොලීසිය විසින් සොයා ගන්නා ලදි. කිසියම් අයෙකු විසින් එකී බැනර් තොගය කලපුව ආසන්නයට ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය එම අවස්ථාවේදී සදහන් කළේය. බැනර් තොගය තිබූ නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එහි සගවා තිබූ ගංජා තොගයක්ද හමුවී ඇත.ග්‍රෑම් 900 ක් සහ ග්‍රෑම් 600 ක් ලෙස එම ගංජා තොගය පාර්සල් කර තිබී ඇත. ගංජා තොගයද තම බාරයට ගෙන ඇති පොලිසිය සැකකරුවන් දෙදෙනාවද අත්අඩංගුවට ගෙන ඇත. කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. ජුඩ් සමන්ත
 

More News..