brand logo

අර්බුදය 7 වැනිදා නොවිසඳුණොත් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක්

01 December 2018

දැනට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය දෙසැම්බර් 7 වැනි දින වන විට අවසන් නොවුණහොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඔහුගේ නියෝජිත කණ්ඩායමක් පසුගිය 27 වැනිදා මෙරටට පැමිණ ඇත. පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දුරකථන ඔස්සේ සාකච්ඡා කර ඇති අතර එහිදී පසුගිය 29 වැනි දින වන විට එම අර්බුදය අවසන් කරන බවට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පොරොන්දු වී ඇති බව එම සංවිධානයේ මෙරට කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මෙරටට පැමිණ ඇති එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස පසුගිය 29 වැනි දින ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් දැඩි මැදිහත් වීමක් සිදුකරමින් එක් එක් දේශපාලන පක්ෂවලටද බලපෑම් සිදු කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනවල පැවැති පාර්ලිමේන්තු සභා වාර නිරීක්ෂණයකට ද එම නියෝජිතයින් සහභාගි වී ඇත.
 

More News..