brand logo

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනකුට සිතාසි - ලංකා ඉතිහාසයේ ලිපි ගොනු වැඩිම නඩුව

29 June 2019

මෙරට අධිකරණ ඉතිහාසයේ වැඩිම ලිපි ගොනු සහිත නඩුව ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අංක 01 හමුවේ මහ බැංකු බැඳුම්කර නඩුව ගොනු කරන ලදී. ඊට අදාළ ලිපි ලේඛන ලක්ෂ දහයක්ද එම නඩුවට ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී අධිනීතිඥ නිෂාරා ජයරත්න පැවසුවාය. ඒ අනුව නඩුවේ විත්තිකරුවන් ජූලි 19 වැනි දින අධිකරණයේ නඩුවේ පෙනී සිටින ලෙසට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විනිසුරු මඬුල්ල සිතාසි නිකුත් කළේය. 2015 පෙබරවාරි 27 වැනි දින සිදුවූ බැඳුම්කර සිද්ධියෙන් බිලියන දසදහස් පනස් අටක් භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස සහ සාවද්‍ය ලෙස පරිහරණයක් සිදුවී ඇති අතර එමගින් රජයට මිලියන හැට අට කෝටි අසූ හත් ලක්ෂ හැට දෙදහස් එකසියයක (688761100ක) පාඩුවක් සිදුවී අති බව නීතිපතිවරිය අධිකරණයට දැනුම් දුන්නේය. නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා විසි තුනක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍ර ගොනු කර ඇත. චමින්ද සේනාරත්න
 

More News..