brand logo

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10කට අධි චෝදනා ගොනු කරන්න අවසර ඉල්ලයි

07 June 2019

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. එම නඩුවේ ස්වභාවය, සංකීර්ණභාවය, බැරෑරුම්කම හා එකී වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවසර ඉල්ලා ඇතැයි ද නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිරාෂා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ය. එලෙස අධි චෝදනා සූදානම් කර ඇති පිරිසගේ වන්නේ ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙඩුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ජෝශප් ඇලෝසියය්, කසුන් ඕෂධී පළිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියය්, පුශ්‍ය මිතු ගුණවර්ධන, විත්ත රන්ජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජගාන් ගාර්දිය පුංචිහේවා යන පුද්ගලයින්ය.
 

More News..