brand logo

අර්ජුන මහින්ද හමුවෙන්න ගියා කියන්නේ ඇත්තද?

07 August 2019

බ්‍රහස්පතින්දා එක්තරා මාධ්‍යවේදියකුට ලැබුණු ‘ආරංචියක්’ මත ඔහු එය ප්‍රසන්නගෙන් විමසමින් සිටියේ ය. ආරංචිය නම්, ‘අර්ජුන ප්‍රසන්න සමග මහින්ද හමුවූ බව’ ය. ‘‘ආ මන්ත්‍රීතුමා කපුකමක් කරන්න අර්ජුනත් එක්ක විජේරාම පැත්තේ ගියා කියන්නේ ඇත්තද...?’’ මාධ්‍යවේදියා ප්‍රසන්නගෙන් ඇසුවේය. ‘‘මොකක්...? මම... ? අර්ජුන එක්ක ගියා...? කවුද ඔය ගල් පැලෙන බොරුව කිව්වේ...?’’ ප්‍රසන්න ඇසුවේ කිසිවක් නොතේරුණු බැවිනි. ‘‘නෑ මට කෙනෙක් කතා කරලා ඔහොම කතාවක් කිව්වා... මම ඉතින් දන්නවානේ ඔබතුමා ගැන... ටිකක් බය කරන්නත් එක්කයි කිව්වේ...’’ මාධ්‍යවේදියා පැවසුවේ ය. ‘‘මොන පිස්සු ද...? ඔයගොල්ලො දන්නවනෙ මං ගැන... මම එහෙම කළේ නෑ....’’ ප්‍රසන්න කීවේ ය.
 

More News..