brand logo

අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන ලෙස ලංකාව කළ ඉල්ලිම සලකා බලන බව සිංගප්පුරුව දන්වයි

08 October 2019

බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. අර්ජුන මහේන්ද්‍රන් නමැත්තා මෙරටට පිටුවහල් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන ලැබී ඇති බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී, රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදු වන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා චෝදනා ලබා ඇත.
 

More News..