brand logo

අරවින්ද ගිය පාරේ හෙට සංගා එයි

01 July 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශණය කරන විශේෂ පොලිස් ඒකකයට හෙට (02) කැදවීමට තීරණය කර තිබේ. ඒ අනුව පෙරවරු 9.00ට සංගක්කාර මහතා කැදවීම සදාහ ලිපියක් යොමු කිරීමට කටයුතු කරන බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාර මහතා විසින් දරනු ලැබූ අතර, ඔහු මෙම විමර්ශනයේ ඉතාමත් විශේෂ පුද්ගලයෙක් වන බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් සදහන් කළේය. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගය මුදලට පවා දුන් බවට එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද මහතා විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා අද පෙරවරුවේ උපුල් තරංග මහතා අදාළ ඒකකයට කදවා තිබිණි. ඒ මහතා පැය 3කට කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ. ඊයේ (31) දිනයේදී අරවින්ද ද සිල්වා මහතා ද පැය 6 1/2ක කාලයක් ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශණය කරන විශේෂ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබේ.
 

More News..