brand logo

අරලියගහ මන්දිරය භාර දෙන්න පැය 18ක් දෙයි

27 October 2018

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට හෙට උදැසන 8 දක්වා කල් ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංස මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමින් හෙට උදැසන 8 වන විට වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරන බවද ඔහු සඳහන් කරයි. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දිව්රුම් දීම සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව පැහැදිලි කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනේ මේ මොහොතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවේදී වීරවංස මන්ත්‍රීවරයා මේ බව පැවසිය.
 

More News..