brand logo

අරලියගහ මන්දිරයේ ‘කෝපි කතා’ ඇරඹෙයි

12 January 2020

පසුගිය සතියේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ, අගමැති මහින්ද රාජපක්ෂ පුවත්පත් කතුවරුන් මුණගැසීමයි. එම හමුව යෙදී තිබුණේ ජනවාරි 9 වැනිදාටය. එහිදී මහින්ද ‘කතා බහ’ ආරම්භ කළේම ‘කෝපි’ කතාවකිනි. ‘‘ඉස්සර අපි මෙහෙදි මේ විදියටම මුණගැහෙන කොට විපක්ෂෙ අය අපට මඩගැහුවා, කෝපි බොන්න දීලා ඔබතුමන්ලව අල්ලගන්නවා කියල... ඔන්න ඉතිං එහෙනං අපි ආයෙත්  ‘කෝපි කතා’ පටන් ගන්නවා... හැබැයි අපි දෙන්නෙ ‘තිත්ත කෝපි’ නෙවෙයි කියල ඔබතුමන්ල දන්නවනෙ...’’ එහිදී  එම හමුවට සහභාගී වූ සිරි රණසිංහ, ආරියනන්ද දොඹගහවත්ත සහ තවත් මාධ්‍යවේදියෙකු අගමැති මහින්දට මෙසේ කීහ. ‘‘ඔබතුමා අරලියගහ මන්දිරයෙන් පිටත් වෙලා ගියෙත් අද වගේ දවසක නේද...?’’ එවිට මහින්ද පැවසුවේ මෙසේ ය. ‘‘ඔව් නෙ... මටත් ඒක අමතක වුණා... එහෙනං අද වගේ දවසකම තමයි දි.මු. අගමැති තනතුරෙන් බලෙන්ම පහ කළෙත්... දි.මු.ගෙ ශෝක යෝජනාවත් අදටම යෙදිච්ච එක තමයි පුදුමෙ... ඉන්නකො... මම ඕක අද පාර්ලිමේන්තුවෙදි හැමෝටම මතක් කරලා දෙන්නම්...’’
 

More News..