brand logo

අරණායක පාලමක් යට තිබී ජීව අත් බෝම්බයක් සොයාගැනේ

19 May 2019

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සිදුකල සෝදිසි මෙහෙයුමකදී අරණායක අම්බලකන්ද ප්‍රදේශයේ පාලමක් යට තිබී ජීව අත් බෝම්බයක් පෙරේදා (17) දින සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධව දැනුම්දීමෙන් පසු එම ස්ථානයට අරණායක පොලිසිය හා නාරංබැද්ද පොලිස් විශේෂකාර්්‍ය බලකා කඳවුරේ නිළධාරීන් පිරිසක් විසින් ගොස් සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමකදී විදේශිය රටක නිෂ්පාදිත එම් 84 වර්ගයේ මෙම ජීව අත් බෝම්බය හමුවී ඇති පසුව මෙහෙයුමට සහභාගි වූ පොලිස් විශේෂකාර්්‍ය නිළධාරීන් එම බෝම්බය නිෂ්ක්‍රිය කරනු ලැබීය අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් කේ නන්දන කුමාර නාරංබැද්ද පොලිස් විශේෂකාර්්‍ය බලකා කඳවුරේ නියෙජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී ආර් එස් පී කේ බණ්ඩාර පො සැ 823 තුෂාර පො කො 22589 ඉන්ද්‍රවංශ 35713 ප්‍රේමරත්න පො කො රි 90494 මධුසංක පො සැ 37671 සමරවීර පො සැ 30574 දයානන්ද පො කො 27188 සිසිර යන නිළධාරීන් විසින් මෙම මෙහෙයවීම සිදුකල අතර මෙම ජීව අත් බෝම්බය ස්ථානගතකර තිබුනේ කා විසින් කුමන අරමුණකටදැයි අරණායක පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි
 

More News..