brand logo

අරගලයට එජාපයේ සහාය

08 July 2022

නීතිය හා සාමය රැකිය යුත්තේ අරගලකරුවන්ට බාධාවක් නොවන ලෙසට

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් සිදුකරන සාමකාමී අරගලයන්ට එක්සත් ජාතික පක්ෂයේ සහාය නිරතුරුවම හිමිවන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ගාලුමුවදොර අරගලකරුවන්ට මැයි 09 දින එල්ල වූ ප්‍රහාරයේදී ද එක්සත් ජාතික පක්ෂය පෙනී සිටියේ අරගලකරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බවත් රාජපක්ෂ පාලනය හමුවේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණේ වැරදි මුල්‍ය කළමනාකරණය නිසාවෙන් බවත් අදාළ නිවේදනයේ සඳහන්. එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ආරක්ෂක අංශද නීතිය හා සාමය රැකිය යුත්තේ අරගලකරුවන්ට බාධාවක් නොවන ලෙසට බවයි.   No photo description available.
 

More News..