brand logo

අයෙකුට ජීවත්වෙන්න මාසෙකට 12,444ක් ඕනේ

19 August 2022

ජන හා සංඛ්‍යාලේඛනය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 12,444 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම දෙපාර්තමේන්තුව විසින් 2022 ජූනි මාසයට අදාළව නිකුත් කර ඇති නවතම නිල දරිද්‍රතා රේඛා සටහන ඔස්සේ එම අනාවරණය සිදුකර ඇත. මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙනවෙනම ගණන් බලා ඇති අතර ඒ අනුව වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වෙන පුද්ගලයෙකු හටයි. එය රුපියල් 13,421 කි. මෙහි අවමය ලෙසින් මොණරාගල දිස්ත්‍රික්කය දක්වා ඇති අතර එම දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ දැරීමට සිදුවන අවම වියදම රුපියල් 11,899 කි. නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුව, පෙර මාසයට සාපේක්ෂව 2022 ජුනි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය බව ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. කෙසේ වෙතත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය 2022 ජූලි මාසයේ දී මෙරට උද්ධමනය 60.85%ක් දක්වා ඉහළ ගොස් තිබීම හා ආහාර උද්ධමනය 90.9% ක් දක්වා ඉහළ ගොස් තිබීම හමුවේ 2022 ජූලි මාසය වෙනුවෙන් වන ඉහත අගයයන් බෙහෙවින් ඉහළ යා හැකි වනු ඇතැයි අනාවැකි පළව ඇත. •නයන තරංග ගමගේ
 

More News..