brand logo

අයි.එස්. පුහුණුව ලද වර්චුසා ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බව හෙළිවේ - මාධ්‍යවේදියෙකු ලෙසත් පෙනී සිටිලා

15 May 2019

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් දෙමටගොඩ වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවකු වූ ආදිල් අමීස් (24) නමැති අයි.එස්. පුහුණුව ලද මුස්ලිම් අන්තවාදි සාමාජිකයා මාධ්‍යවේදියකු ලෙස පෙනී සිට ඇතැයි ද හෙළි වී ඇත. මෙම සැකකරු පාස්කු ඉරිදා ප්‍රහායට සම්බන්ධ සහරාන්ගේ හා ඊබ්‍රාහිම්ගේ කණ්ඩායම් වලට තාක්ෂණික වශයෙන් සහාය ලබාදුන් අයකු බවද හෙළිවී ඇත. අයි.එස්. සංවිධානයේ ජාත්‍යන්තර කණ්ඩායම් සමග සබදතා පැවැත් වූ මොහු තමිල්නාඩු තව්හිත් ජමාද් සංවිධානය සමගද එක්ව කටයුතු කර ඇතැයි විමර්ශන වලදී හෙළි වී තිබේ. දෙහිවලදී මොහු අත්අඩංගුවට ගන්නා විටත් අලුත්ගම මොහුගේ නිවසේ තිබූ පරීක්ෂණවල සියලු රහස්‍ය දත්ත මකා දමා ඇති බවද හෙළිවී ඇත. පරිගණක විද්‍යා ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන ආදිල් අමීස් වෙබ් නිර්මාණකුවකු හා මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් අයි.එස්. මතවාද ව්‍යාප්ත කර ඇතැයි හෙළි වී ඇත. බ්‍රිතාන්‍යයේ දීත් උපාධියක් ලබා ඇති මොහු සිරියාවට ගොස් අයි.එස්. පුහුණුව ලබා ඇති අතර ඉන්දියානු රෝ ඔත්තු සේවාවද මොහු සම්බන්ධව තොරතුරු හෙළිකර ඇත. ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර යටතේ වැඩිදුර විමර්ශන අරඹා ඇත. මොහුගෙන් ප්‍රශ්න කරන අතරේ පසුගගිය 08 හා දෙමටගොඩ වර්චුසා ආයතනය ඇතුළු ගොඩනැගිලි නවයකට අයත් ආයතන හතලිහක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කර ඇත. තිස්ස රවීන්ද්‍ර පෙ‌රේරා පසුගිය 08 වැනිදා දෙමටගොඩ පිහිටි එම ආයතනයේ ඇතුළු ආයතන හතලිහක් පිහිටි ගොඩනැගිලි නවයක් යුද හමුදාව හා පොලීසිය එක්ව සෝදිසි කළ අයුරු පහතින්....
 

More News..