brand logo

අයි.එම්.එෆ්. ණය අරන් රුපියල ස්ථාවර කරන්න යයි

27 April 2019

එළැඹෙන මැයි මාසය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 30ක ණයෙන් පසුව බැංකු ණය පොලී අනුපාතය සියයට දෙකකින් අඩු කිරීමට මූල්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මේ වනවිටත් ඉතුරුම් පොලී අනුපාතය අඩු කර ඇති අතර අදාළ ණය මුදල ලැබීමෙන් පසු ණය පොලී අනුපාතය සියයට දෙකකින් පහත හෙළීමට නියමිතය. මේ ණය මුදල ලැබීමෙන් පසු දැනට ඩොලරය හමුවේ පහත වැටී ඇති රුපියල ස්ථාවර වනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 174ක් ගෙවිය යුතු අතර එය රුපියල් 170ක් දක්වා ස්ථාවර වනු ඇති බවට මුදල් අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. එය මේ වර්ෂය පුරාවටම ස්ථාවරව පවත්වාගෙන යාමට උත්සාහ කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..