brand logo

අයිස් දාන්න ආපු‌ ලොරිය වරාය ජැටියේ හිරවෙයි

16 November 2020

ගාල්ල ධීවර වරායේ ධීවර යාත්‍රා සඳහා අයිස් සැපයීමට පැමිණි ලොරි රථයක් වරායේ ජැටියට වැටී තිබේ. අප වාර්තාකරු සදහන් කළේ අද (16) පස්වරු 4.00ට පමණ මෙම අනතුරු සිදුව ඇති බවයි. ධීවර යාත්‍රා සඳහා අයිස් ලබාදීමෙන් අනතුරුව ලොරි රථය පසුපසට ගෙන හරවා ගෙන යාමට උත්සාහ කිරීමේ රථය ජැටියට වැටී තිබේ. ජැටිය තුළ ලොරි රථයේ කොටසක් ජලයට වැටී ඇති අතර, ඉතිරි කොට ජැටිය තුළ කඹයක් ආධාරයෙන් රදවා ගෙන සිටින අයුරු ඡායාරූප වලින් දකින්නට ලැබෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සනත් පතිරණ
 

More News..