brand logo

අයිස් කිලෝ 2යි ග්‍රෑම් 633ක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

08 July 2019

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.633 ක් සමග ලාඕස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 12.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පර්යන්තයේදී මැලේසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ සිට පැමිණි 25 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපළ ඒකකය විසින් එලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
 

More News..