brand logo

අයියා ගහපු ගලෙන් මල්ලි එලොව යයි

02 January 2019

අයියා විසින් මල්ලීට එල්ල කරනු ලැබූ සිමෙන්ති ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ හබරාදුව ඇත්තලහේන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඉමදුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අගුළුගහ ඇත්තලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන කම්කානම් දුරගේ ප්‍රියන්ත කුමාර (32) නැමති අවිවාහකයෙකි. මෙම තරුණයාගේ වැඩමහල් සොහොයුරෙකු කොළම සිට ඉකුත් දා නිවසට පැමිණ ඇති අතර ඔහු සිය මිතුරන් පිරිසක්ද සමග ඊයේ (01) රාත්‍රියේ මත්පැන් පානය කර ඇත. පසුව අයියා මලෝ අතර බහින් බස් වීමක් සිදුව ඇති බව සඳහන් වේ මෙම බහින් බස් වීමෙන් අනතුරුව මල්ලී මදුරු ඳගරයක් ගෙන ඒමට යයි මවට පවසා නිවසින් පිටව ගොස් ඇත. කඩයට ගොස් ආපසු එමින් සිටියදී තරුණයාගේ නිවස අසල සාදාගෙන යන දෙමහල් ගොඩනැගිල්ල අසල සිට අයියා මල්ලීට සිමෙන්ති ගලකින් පහරදී ඇතිය පැවසේ. මෙකි පහරදිමෙන් බරපතල තුවාල ලැබු මල්ලි ඉමදුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. පෙරේදා (01) රාත්‍රි 10 30 ට පමණ මෙම සිද්ධිය වි ඇත. . අයියා පෙදරේරවකු වශයෙන් සේවය කරණ අයෙකු වන අතර ඔහු හබරාදුව පොලීසිය මගින් අත්තඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ආර් ප්‍රියන්ත පො. කො. 73298 කුමාර ඇලු නිළදාරීන් පරීක්ෂන පවත්වති. ගාල්ල - සුනෙත් ගාල්ලගේ
 

More News..