brand logo

අයියර් මංගල ශතකය වාර්තා කරයි - නවසීලන්තයට 347ක අභියෝගයක්

05 February 2020

තරග තුනකින් සමන්විත ඉන්දීය - නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට නවසීලන්තයේදී පැවැත්වෙමින් තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ඉන්දීය පිල පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 347ක් රැස්කර ගැනීමට සමත් විය. ඉන්දීය පිල වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ශ්‍රීයාස් අයියර් සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් රැස්කර ගත්තේය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වේ. ඊට අමතරව කේ.එල්. රාහුල් ලකුණු 88ක් රැස්කර ගත් අතර, නායක විරාට් කෝලි ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුති කඩුළු දෙකක් දවාගත් අතර, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සහ ඉෂ් සෝඩි එක් කඩුල්ල බැගින් දවාගත්තේය. ලකුණු 347ක අභියෝගය භාර ගනිමින් නවසීලන්ත පිල මේ වන විට හැමිල්ටන් හි සෙඩන් පාර්ක් පිටියේ පන්දුවට පහරදෙමින් සිටීයි.
 

More News..