brand logo

අයිතිකාරයින්ට ගෙවල් දෙනකොට කුළිකාරයෝ අසරණ වෙලා

03 October 2020

කොළඹ 15, මාදම්පිටිය පාර, හේනමුල්ල කඳවුර ලිපිනයේ වසර ගණනාවක සිට කුළි පදනම මත ජීවත් වන ජනතාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරත වෙනවා. මොවුන් දීර්ඝ කාලයක සිට කොළඹ 15 මාදම්පිටිය පාර හේනමුල්ල කදවුර පරිශ්‍රය තුළ පිහිටි නිවාස වල කුළී පදනම මත රැදී සිට ඇති අතර මේ වනවිට රජය මගින් මෙම නිවාස ඉවත් කර නව නිවාස ඉදිකර, එම නව නිවාස නිවෙස් හිමියන් වෙත ලබා දී ඇත. මෙහිදී එක් නිවාස හිමියෙකුට නිවස එකකට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, කුළී නිවැසියන්ට කිසිදු නිවසක් හෝ ලබා දී නැති බව ඔවුන් පවසයි. තමන්ට පදිංචියට කිසිදු ඉඩමක් හෝ නිවසක් නොමැති බැවින් තමන්ටද පදිංචියට සුදුසු නිවාස ලබා දෙන මෙන් කුළි පදනම මත සිටි ජනතාව රජයෙන් ඉල්ලා සිටී. මොවුන් මෙම ගැටලුව නාගරික සංවාර්ධන අධිකාරියට යොමු කළ ද මෙතෙක් සතුටුදායක පිළිතුරක් ලැබී නැත. ජනාධිපති ලේකම් කාර්යලයේ නිලධාරීන් සමග ද මොවුන්ගේ නියෝජිතයකු සාකච්ඡා කළ බවත් මේ වනතුරුත් ඉන් කිසිදු සහනයක් ලැබී නැති බවත් පවසයි. ඒ නිසා පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට මේ වන තුරුත් මොවුන් ජනාධිපති කාර්යාලය අසල රැදී නිහඩ උද්ඝෝෂණයක නිරත වේ. මෙම උද්ඝෝෂණයට අද වන විට දින 11ක් ගත වී ඇතත් තවමත් තමන්ට සතුටුදායක පිළිතුරක් නොලැබුණු බව මොවුහු කියති. https://youtu.be/cX-OXOtZJ5M
 

More News..