brand logo

අයිතිකරුවන්ට බෙදන්න තිබු ලියුම් ගිනිගැසූ තැපැල්කරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

05 May 2019

පුඩළුඔය තැපැල් කාර්යයාලයට දිනපතා ලැබෙන ලිපි එම තැපැල් කාර්යයාලයේ සේවය කරන තැපැල්කරුවෙකු විසින් අයිතිකරුවන්ට බෙදා නොහැර එම ලිපි ගිනි තබා විනාශ කිරිමේ චෝදනා යටතේ පුඩළුඔය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් අමිල මදුසංක සරත්චන්ද්‍ර මහතා වෙත ඊයේ (04) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු මේ මස 8 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලා. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පුඩළුඔය ඇරෝ වත්තේ පහල කොටසේ පදිංචි එස් කුමරේෂන් නැමති 30 හැවිරිදි එක් දරු පියෙකි. මෙම සැකකරු පුඩළුඔය තැපැල් කාර්යයාලයේ ස්ථිර සේවකයෙකු බවත්, සැකකරු පුඩළුඔය තැපැල් කර්යයාල වසමේ ලිපි බෙදා හරින්නෙකු වශයෙන් කටයුතු කරමින් සිට ඇති බවයි පුඩළුඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එ.එස්.ඩබිලිව් රන්ජන් බණ්ඩාර මහතා කියා සිටියේ. සැකකරුට ඉකුත් 03 වෙනිදා තැපැල් කාර්යයාලය මගින් ප්‍රදේශයේ බෙදා හැරිමට ලබාදුන් ලිපි තොගයක් තැපැල් කාර්යයාල භුමිය තුල ගිනි තබා විනාශ කරන බවට ලද තොරතුරක් මත පුඩළුඔය පොලිසියේ නිලධාරින් වහා ක්‍රියාත්මක වි තැපැල් කාර්යයාලය වෙත ගොස් පරික්ෂා කර බලා තැපැල්කරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි සැකකරුට බෙදා හැරිමට තැපැල් කාර්යයාලය මගින්භාර දුන් ලිපි 300 පමණ නිවසේ තිබි පොලිස් භාරයට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ. තේ වතු අශ්‍රිතව ලිපි බෙදා හැරිම සදහා තැපැල් දෙපාර්තුමේන්තුව මගින් සේවයට බදවා ගත් තැපැල්කරුවෙකුයි මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.
 

More News..