brand logo

අයහපත් කාලගුණයෙන් පවුල් 31,303කට බලපෑම්

04 June 2021

දිවයිනට බලපෑ ඇති අපහපත් කාලගුණික තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 31,303කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පිඩාවට පත්වි තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ සුරක්ෂිත මධ්‍යස්ථාන 27ක ආපදාවට ලක්වුවන් 5607 දෙනෙකු රඳවා ඇති බවයි. පුද්ගල මරණයක්, අතුරුදන්වීමක් සිදුව ඇති බව එම මධ්‍යස්ථානය සදහන් කරයි. පූර්ණ වශයෙන් නිවාස 5ක් විනාශ වී ඇති අතර, අර්ධ හානි වු නිවාස 317ක්ද පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කරයි. එම මධ්‍යස්ථානය විසින් අද දහවල් නිකුත් කළ තත්ත්ව වාර්තා සාරාංශය පහතින්....
 

More News..