brand logo

අයවැය වචන හරඹයක් පමණයි - විපක්‍ෂ නායක

11 March 2019

මෙදා අයවැය වචන හරඹයක් පමණක් බවත් එයින් ජනතාවට ලැබෙන සෙතක් නොමැති බවත් බදු බරින් මිරිකෙමින් සිටි ජනතාව පිට තවත් බදුබර පැටවූ අයවැයක් බවත් මාතර පොල්හේන පුරාණ රජ මහා විහාරයේදී ශාසන කීර්ති ශ්‍රී ත්‍රිපිඨකවේදී ප්‍රවිනාචාර්ය පණ්ඩිත පූජ්‍ය බද්දේගම කුසල නාහිමිපාණන් වහන්සේට මහා විහාරවංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ ගාලු මාතර හම්බන්තොට තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්වීම නිමිත්තෙන් පැවති පිළිගැනීමේ උත්සවයට පැමිණි ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (10) පස්වරුවේදී පැවසීය. පන්සල දහම් පාසල සමඟ තම දරුවන් සම්බන්ධ කිරීමට දෙමාපියන් උනන්දුවිය යුතුයි. මත් ද්‍රව්‍ය වලින් සමාජය විනාශයට පත්වෙලා. මෙමඟින් අපේ කියලා සමාජයක් ඉතිරි වන්නේ නැහැ. ඇතැම් රටවල බලපෑමට යටවී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සාමාන්‍ය නීතිය බවට පත් කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මෙමඟින් දේශපාලන පක්‍ෂ වෘත්තීය සමිති සහ මහජන පෙළගැස්වීම් වැනි දේ මර්ධනය කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනවා යැයි මෙහිදී ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තවදුරටත් පැවසීය. මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක ගරුතර පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ අතුළු මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, ලක්‍ෂමන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක්ද එක්වූහ.
 

More News..