brand logo

අයවැය මැද ජනපතිවරණයක්

13 January 2019

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු යෑමට පෙර වැදගත් රාජකාරි කිහිපයක් ඉටුකිරීම සඳහා අරලියගහ මැඳුරට පැමිණි අගමැති රනිල් එහි පැමිණ සිටි මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් සමග සමීපව කතාබහ කළේය. ‘‘ජනතාවට උපරිම සහන දෙන අපේ අයවැය ‘බ්ලාස්ට්’ කරලා අයවැය මැදදී ජනාධිපතිවරණයක් කැඳවන්නත් සමහරු ජනාධිපතිට බල කරනව කියල ආරංචියි. ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. ‘‘පස්ස දොරෙන් අගමැතිකමයි ආණ්ඩුවයි කොල්ලකාලා නඩු ටික යට ගහගන්න උත්සාහ කරලා බැරි වුණු නිසා දැන් ජනාධිපතිවරණයක් කැඳවල ජනාධිපතිතුමා බිල්ලට දීල හරි අවසාන තුරුම්පුව ගහන්නයි මේ හොර නඩය උත්සාහ කරනව කියල කියන්නෙ” රංජිත් අළුවිහාරේ පළකළේ එවැනි අදහසකි. ‘‘තමාව උගුලකට අහුකරාවි කියල ජනාධිපතිතුමාට සැකයක් තියනව කියලත් ආරංචියි. එක එක්කෙනා කියන පදේට ජනපතිවරණ තියලා මහින්දට වගේ මෙතුමාටත් කලින්ම ගෙදර යන්න සිදුවීම ගැන අපට කනගාටුයි. කොහොම කරත් මෛත්‍රී අපි පත්කරපු ජනාධිපති නිසා අපට එතුමා ගැන විශාල හැඟීමක් තියනවා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
 

More News..