brand logo

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

21 November 2020

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99 කින් සම්මත වී තිබේ. අයවැයට පක්ෂව ඡන්ද 151 හිමි වූ අතර අයවැයට විපක්ෂව ඡන්ද 52ක් හිමිවිය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 17 වන දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය 18 වන දින සිට ආරම්භ කෙරුණි. අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අද අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවය.
 

More News..