brand logo

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

12 March 2019

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (12) පැවැත්වීමට නියමිතයි. පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2019 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. කාරක සභා අවස්ථා විවාදය හෙට (13) දිනයේ සිට ලබන අප්‍රේල් පස් වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙවර අයවැය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සහ තවත් පක්ෂ කිහිපයක් සහය දැක්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානය ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර අයවැයට විරෝධය පළ කිරීමට ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. ඒ පිළිබදව අද පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී එකඟතාවකට පැමිණෙන බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර අයවැයට විරුධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.
 

More News..