brand logo

අයවැය දෙවනවර කියවීමට එ.ජ.නි.සයේ ඡන්දය නොදුන් මන්ත්‍රීවරු

13 March 2019

2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී එයට පක්‍ෂව ඡන්ද 119 ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. ඒ අනුව අයවැය දෙවනවර කියවීමට ජන්දය වැඩි ජන්ද 43කින් සම්මත වූ අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරුන් 29 දෙනෙකු සභා ගර්භයේ නොසිටියහ. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දුමින්ද දිසානායක මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න නිමල්සිරිපාල ද සිල්වා ශාන්ත බණ්ඩාර රංජිත් සියඹලාපිටිය සරත් අමුණුගම එස්.බි.දිසානායක එස්.බි නාවින්න තිලංග සුමතිපාල වීරකුමාර දිසානායක කාදන් මස්තාන් අංජගන් රාමනාදන් දෙමල ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙකලනාදන් ශිවශක්ති ආනන්දන් ඩග්ලස් දේවානන්ද ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ අතුරුලියේ රතන හිමි විජයදාස රාජපක්ෂ අශෝක ප්‍රියන්ත යන මන්ත්‍රීවරුන් අයවැය ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහ.
 

More News..