brand logo

අයවැය ඇනගනී!

09 March 2019

එජාපය මහ මැතිවරණයකට යන්න තීන්දු කරයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලුවක් ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර පවතින ගැටුමක් නිසා අයවැයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා වූ යෝජනාව අයවැයෙන් පසුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයකු සැලසුම් කර ඇති බව සඳහන් වේ. එය ස්ථිර කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡාද පවත්වා ඇත. ජූලි 01 වැනිදා සිට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් සමෘද්ධි, වැඩිහිටි විශ්‍රාමික සහන ලබාදීමට පවතින තත්ත්වය නිසා දැඩි මූල්‍ය අර්බුදයකට ආණ්ඩුව පත්වන බවට එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සාකච්ඡා කර ඇත. එම තත්ත්වය මත ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එවැනි යෝජනාවකට විරුද්ධ වුවහොත් එහි වාසිය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමටත් සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ අනුව එම මන්ත්‍රීවරුන්ගේ සහායද අයවැයට ලබා ගෙන වැඩි ඡන්දයෙන් අයවැය සම්මත කර ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව ඉදිරිපත් කරන බවට වූ සාකච්ඡාවක්ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.
 

More News..