brand logo

අයවැය අවසන් ඡන්ද විමසුම අද

10 December 2020

2021 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10 වැනිදා) පස්වරු 5.00 ට සිදු කෙරේ. අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය නොවැම්බර් 17 වැනිදා අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පසුදා එනම් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි. දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත විය. අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ කළේය. එම විවාදය හෙට (10 වැනිදා) මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද කිරීම සමගින් අවසන්වන අතර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ ඉන් පසුවය. අයවැයට ඡන්දය ලබා දීම සඳහා දැනට සිරදඬුවම් ලබන රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම්දී ඇත. අජිත් අලහකෝන්
 

More News..