brand logo

අඹු සැමියන් ලෙස හැසුරුණු පියාගෙන් දැරියක ගැබ් ගනී

21 June 2021

15 හැවිරිදි තම දියණිය දුෂණය කොට ගැබිණියක් බවට පත් කළ සිවුදරු පියෙකු රත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තබේ. දියණියගේ දරුගැබට මාස 04ක් පමණ වන අතර දැරියගේ මව විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බුස්ස පාවර ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයෙකි. මොහු තම බිරිඳගෙන් වෙන්වි වෙනම කුඩා පැල්පතක පදිංචිව සිට ඇති අතර දියණිය එම පැල්පතට ගෙන්වාගෙන දුෂණය කොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය විය. දියණියට තේ රැගෙන එන ලෙස පවසා ඇය ගෙන්වාගෙන දැනට වසර එකහමාරක කාලයක සිට මෙම දැරිය සමග පියා අඹු සැමියන් ලෙස හැසිරි ඇති බවද පොලීසිය පවසයි. සැකකරු 44 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු දරුවන් 04 දෙනෙකුගේ පියෙකු වන අතර වෙන්වි සිටින මොහුගේ බිරිඳ වෙනත් විවාහයක් කරගෙන ඇති බවද විමර්ශනවලදි අනාවරණය වී තිබේ. රත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරනු ලබයි. අක්මීමන එච් එම් සමන්
 

More News..