brand logo

අඹගමුව සෞඛ්‍යය අධිකාරි කාර්යයාලය කල් ඉකුත් වු ත්‍රිපෝෂ බෙදා හරි

01 May 2019

අඹගමුව සෞඛ්‍යය අධිකාරි කාර්යයාලය මගින් ඊයේ (30) දින බෙදා හැරි ඇතැම් ත්‍රිපෝෂ පැකට් කල් ඉකුත් වි ඇති බව එම ත්‍රිපෝෂ පැකට් ලබාගත් හැටන් ප්‍රදේශයේ ජනතාව පැවසිය. ගර්භනි මව්වරුන්ට , කිරිදෙන මව්වරුන්ට සහ අවුරුදු පහට වඩා වයස අඩු ළමුන් වෙත සෞඛ්‍යය අමාත්‍යංශය මගින් පොෂණ තත්ත්වය ඉහල දැමිම සදහා නොමිලේ බෙදා හැරි ත්‍රිපෝෂ පැකට් මෙසේ කල් ඉකුත් වි ඇති බවයි එම ත්‍රිපෝෂ පැකට් ලබාගත් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ. මාසෙකට එක්වරක් ගැබිණි මව්වරුන්ට , කිරිදෙන මව්වරුන්ට සහ අවුරුදු පහට වඩා අඩු බර අඩු ළමුන් සදහා ප්‍රදේශයේ සෞඛ්‍යය අධිකාරි කාර්යයාලය මගින් පවුල් සෞඛ්‍යය සේවිකාවන් හරහා මාසිකව මෙම ත්‍රිපෝෂ පැකට් එම පවුල්වලට අනුමත ප්‍රමාණයට බෙදා හරිනු ලබයි. අඹගමුව සෞඛ්‍යය අධිකාරි කාර්යයලය මගින් හැටන් ප්‍රදේශයේදි ඊයේ (30) දින ඉකුත් මසට අදාල ත්‍රිපෝෂ බෙදා හැර ඇති අතර, එසේ බෙදා හැරි ත්‍රිපෝෂ පැකට් අතර දින ගණනක් කල් ඉකුත් වු ත්‍රිපෝෂ පැකට් කිහිපයක්ද අදාල පවුල් සෞඛ්‍යය සේවිකාව විසින් බෙදා හැරි බවයි ත්‍රිපෝෂ පැකට් ලබාගත් හැටන් ප්‍රදේශයේ ප්‍රතිලාභින් පවසන්නේ. බෙදා හැර තිබු ඇතැම් ත්‍රිපෝෂ පැකට් 2019.04.16 දින කල් ඉකුත් වි ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාල පවුල් සෞඛ්‍යය සේවිකාවගෙන් විමසු විට ඇය පවසා ඇත්තේ ධාන්‍යය වර්ග වියලා සකස් කර ඇති ත්‍රිපෝෂා කල් වි ඇතත් එය පරිභෝජනයට ගත හැකි බවයි. මෙම ගැටළුව සම්බන්ධයෙන් අප අඹගමුව සෞඛ්‍යය අධිකාරි කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු පවසා සිටියේ සෞඛ්‍යය අමාත්‍යංශය මගින් තම කාර්යයාලයට අනුමත ත්‍රිපෝෂා තොග ලැබිමෙන් පසු එය ප්‍රදේශයේ ප්‍රතිලාභින් වෙත බෙදා හරින බවයි. එසේ ලැබෙන ත්‍රිපෝෂා පැකට් පරික්ෂා කර බෙදා හැරිය යුතු බවත්, අතපසුවිමක් හේතුවෙන් කල් ඉකුත් වි ඇති ත්‍රිපෝෂ පැකට් කිහිපයත් ප්‍රදේශයේ ප්‍රතිලාභින් වෙත බෙදාහැර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බවයි. එසේ බෙදා හැර ඇති කල් ඉකුත් වු ත්‍රිපෝෂ පැකට් යලිත් තම කාර්යයාලය වෙත ලබාදෙන ලෙසද එම නිලධාරියා ප්‍රතිලාභින්ගෙන් ඉල්ලා සිටියි. කල් ඉකුත් වු ත්‍රිපෝෂ පැකට් සෞඛ්‍යය අමාත්‍යංශය වෙත යවා එම ප්‍රමාණයට නව ත්‍රිපෝෂ පැකට් තොග ලබාගෙන යලිත් එම ප්‍රතිලාභින්ටම බෙදා හැරිමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියා. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..