brand logo

අඹගමුවේ 14දෙනෙකුට කොවිඩ්

04 February 2021

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනාවෛරසය අසාදනය වුණු අසාදිතයන් 14 දෙනෙකු හමු වුණු බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයින් 14දෙනා අතර මාස තුනක බිළිඳෙකු සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ගිනිගත්හේන පොලිස් වසමට අයත් කෙනිල් වත්තෙන් අසාදිතයන් පස් දෙනෙකු, කැටවල ගෝනාවල ප්‍රදේශයෙන් අසාදිතයන් තිදෙනෙකු, ගිනිගත්හේන හත්ලා ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු සහ රංජුරාව ප්‍රදේශයෙන් අසාදිතයන් හතර දෙනෙකු ඒ අනුව හඳුනාගෙන තිබේ. අදාළ ආසාදිතයින් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිත සේවකයින්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගෙන සිට ඇති අතර ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කර සිටි පිරිසකි. ස්වයං නිරෝධානයේ සිටින අතර තුර සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇත. ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ
 

More News..