brand logo

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 12ක් මරුට

01 June 2019

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ බීච් නගරයේ ගොඩනැගිල්ලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් තවත් 06දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර එහි සේවය කරමින් සිටි අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සේවයෙන් ඉවත් කර තිබේ. සේවයෙන් ඉවත් කිරීම නිසා කුපිත වූ අදාළ පුද්ගලයා මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 

More News..