brand logo

අමෙරිකාවෙන් පිටුවහල් කළ ලාංකිකයින් පිරිසක් දිවයිනට

19 September 2020

අමෙරිකාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඒ අතර වන බව කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන අංශය පවසයි. අමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් රැඳී සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස මෙලෙස පිටුවහල් කර තිබේ. කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර දින 21 නිරෝධායන ක්‍රියාවලියෙන් පසු ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.
 

More News..