brand logo

අමෙරිකානු සංචාරක තහනම ගැන ශ්‍රී ලංකා ප්‍රතිචාරය

25 May 2021

ඇමරිකාව ලංකාවට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරන්නේ සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම දීර්ඝ කාලීනව සිදුවන ක්‍රියාවලියක් නොවන බවයි. සිව්වන මට්ටමේ සංචාරක තහනමක් යනු ඉහළම කොවිඩ් ව්‍යාප්තියක් පවතින බවට අඟවන නිර්ණායකයක් වෙයි. මේ අතර කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අමෙරිකාව විසින් ජපානයට ද අද (25) සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පනවා ඇත. මේ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙන්නේ ජපානයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය.
 

More News..