brand logo

අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදීමේ තීරණයක

10 June 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ. අනතුරුව ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සදහා පිටත්ව යෑමට ඔහු තීරණය කර ඇත. ඔහු ඇමෙ‌රිකාවේදී ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පුහුණුකරුවෙක් ලෙස ද කටයුතු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 9කට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වී තිබේ. අමිල අපෝන්සු 2018 වසරේ පැවැති එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩාමේ ක්‍රීඩක මුෂ්ෆිකාර් රහීම්ගේ නාග නැටුමට බටනලාව නාද කරන අයුරු රගදක්වමින් ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ අමතක නොවන චරිතයක් බවට පත්විය.
 

More News..