brand logo

අමිතාබ් සුවය ලබා රෝහලෙන් පිට වෙයි

03 August 2020

ඉන්දියාවේ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් කොවිඩ්-19 පරීක්‍ෂණය සෘණාත්මක වීමත් සමඟ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. "කොවිඩ්-19 සෘණාත්මක බව පරීක්‍ෂා කරමින් මාව රෝහලෙන් නිදහස් කළා. කෙසේ වෙතත් මම නැවත හුදෙකලා නිරෝධායනයක යෙදී සිටිනවා" යැයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත. බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජුලි 1 වැනි දින තහවුරු වී ඇති අතර ඔහුගේ ලේලි ඓශ්වර්යා රායි බච්චන් සහ මිණිබිරියට ඊට පසුදා එය තවුරු විය. වෙතත් මේ වනවිට ඓශ්වර්යා සහ දියණිය මෙන්ම අමිතාබ් නිවසට පැමිණ තිබුණත්, අභිෂේක් තවමත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි. අභිෂේක් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "අවාසනාවකට වගේ මම තවමත් කොවිඩ් -19 ධනාත්මකව රෝහලේ ප්‍රතිකාර ගන්නවා. මගේ පවුලේ අය වෙනුවෙන් ඔබ නොකඩවා කරන යාඥාවන්ට හා ප්‍රාර්ථනාවන්ට නැවතත් ස්තූතියි" යනුවෙනි. "මම මෙය පරාජය කර සෞඛ්‍ය සම්පන්නව නැවත එන බවට පොරොන්දු වෙනවා" අභිෂේක් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
 

More News..