brand logo

අමිත් වීරසිංහ ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

15 May 2019

මහසොහෙන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන 28 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය. මහජන සාමය, ආගමික සංහිදියාව කඩ කිරීම යන චෝදනා මත මොහු ඊයේ (14) අත්අඩංගුවට ගත්තේය. පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුව ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයෙන් අන්තර් ජාලයට අදහස් මුදා හැර ඇති බවයි. මෙහි විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
 

More News..