brand logo

අමිත් වීරසිංහට ඇප

04 June 2019

මහජන සාමය සහ ආගමික සංහිඳියාව කඩ කිරීම ආදී චෝදනා මත අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (04) නියෝග කර තිබේ. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේය. මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා මහජන ආරක්ෂක පනත යටතේ නොගැනෙන බවට තම අධිකරණයට පෙනී යන බව මෙහිදී ප්‍රකාශ කර තිබේ. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලේ ඇප ලබා ගැනීමෙන් අනතුරුව මහජනතාව තුළ කැලඹීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි.
 

More News..