brand logo

අමාත්‍ය විමල් වීරවංශ සහ හම්බන්තොට වරාය සමාගම අතර සාකච්ඡාවක්

28 August 2020

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගම අතර සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවතිබව වාර්තා වේ . මෙහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස එම සමාගම විසින් සකසන ලද යෝජනාවලියක් ද අමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබෙනවා. ඉදිරියේ කාලයේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත හෙක්ටයාර 280ක කර්මාන්තපුරය පිළිබඳවද මෙහි දී කරුණු ඉදිරිපත් වූ බව වාර්තා වනවා. මෙම කර්මාන්ත පුරයෙහි ප්‍රථමයෙන් ටයර් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට නියමිත අතර ඒ සඳහා සිදු කරන ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 300ක් වන බව අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසනවා. තව ද හම්බන්තොට ප්‍රදේශයේ 2000කට පමණ රැකියා අවස්ථා හිමිකරදීමත්,ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමත් ප්‍රධාන අරමුණ බවයි ඔහු වැඩිදුරටත් වාර්තා වන්නේ.
 

More News..