brand logo

අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වැනිදා

13 June 2019

අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වනදා පැවැත්විමට තීරණය වී ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි. එදිනට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය. සැම සතියකම අඟහරුවාදා දිනයකදීම පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම මෙම සතියේ පැවැත් නොවූ අතර, මෙම සතිය තුළ කැබිනට් රැස්වීම පැවැත්වීමට නොහැකි වී තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුවට සහභාගිවීම සදහා ටජිකිස්ථානය බලා පිටත්වයාම හේතුවෙනි.
 

More News..