brand logo

අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට සියලු කටයුතු සූදානම් කෙරේ

10 August 2020

නව රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය මේ මස 12 දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුව පරිශ්‍රයේදී දිවුරුම් දීමට කටයුතු යොදා තිබේ. අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය අභිමානවත් එහෙත් චාම් ආකාරයෙන් සිදුකිරීමට රජය තීරණය කොට ඇති බව සඳහන් වන අතර දිවුරුම් දීමේ උත්සවය සඳහා මඟුල් මඩුව සූදානම් කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා 10 දින පෙරවරුවේ අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා , මධ්‍යම පළාත් යුද හමුදා ආඥාපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න හා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඓතිහාසික මගුල් මඩුව පරිශ්‍රයට පැමිණියහ. දිවුරුම් දීමේ කටයුත්ත සිදු වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දිගින් දිගටම සාකච්ඡා වූ අතර සෞඛ්‍යාරක්ෂාව හා ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා විය. කමල් සුරවීර - මහනුවර  
 

More News..