brand logo

අමාත්‍ය ධුර බෙදීම

23 November 2019

භාරකාර ආණ්ඩුවේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයේ සහාය ලබාදුන් පක්ෂවල ගණනය අනුව බෙදී ගොස් ඇත. ඒ අනුව ප්‍රධානතම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමාත්‍ය ධුර නවයකුත්, දෙවැනි දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැති ධුර දෙකකුත් හා සෙසු පක්ෂවලට ඇමැති ධුර එක බැගින් පක්ෂ හතරකට බෙදී යන ආකාරයට දිවුරුම් දීම පසුගිය සිකුරාදා (22 වැනිදා) පෙරවරුවේදී සිදුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා දිවුරුම් දුන්නේය. මහජන එක්සත් පෙරමුණෙන් එහි නායක දිනේෂ් ගුණවර්ධනටත්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ටත්, ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර හිමිවිය. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 45 දෙනකු දිවුරුම් දීම ලබන සඳුදා සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. චමින්ද සේනාරත්න
 

More News..