brand logo

අමාත්‍යාංශයේ විදුහල්පතිවරුන්ටත් කොළේ වසා පාසල් ක්‍රිකට් නිලධාරියෙක් කාටත් හොරෙන් ජාවාරමක

29 June 2019

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පාසල්වල විදුහල්පතිවරුන්ගේ අවසරයකින් තොරව වයස අවුරුදු 14න් පහළ දරුවන් විසි එක් දෙනකුව එක්ලක්ෂ විසි පන්දහස බැගින් එකතු කර මැලේසියාව බලා රැගෙන යාමේ සිද්ධියක් වාර්තා වේ. පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරියකුගේ අනුදැනුම මත මෙම සංචාරය සූදානම් කර ඇති බවත්, සංචාරයට සහභාගි නොවුවහොත් ක්‍රිකට් තරගවලට එක්වීමට ඇති අවස්ථාව ගිලිහී යන බවට දෙමාපියන් තුළ බය ඇතිවීම නිසා මෙලෙස මුදල් ගෙවා දරුවන් පිටත් කළ බවටත් විදුහල්පතිවරුන්ට පැමිණිලි ලැබී ඇත. මෙම දරුවන් විසි එක් දෙනා බදාදා (26 වැනිදා) රාත්‍රියේ මැලේසියාව බලා රැගෙන ගොස් ඇති අතර එළඹෙන 2 වැනිදා හවස යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී ටිකට් වීසා සහ මැලේසියාවේ වියදම වෙන් කළ පසුව එක් ළමයකුගෙන් විසි පන්දහස බැගින් සංවිධායකයන්ට ලාභ ලැබෙන බව වාර්තා වේ. අප මේ පිළිබඳව පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් දිල්ශාන්ද සිල්වාගෙන් විමසීමේදී ‘‘ඔය සංචාරය මම සම්බන්ධ වෙලා කරපු එක්ක කියලා සමහරු ආරංචියක් ගෙනියනවා. මම ඒ සංචාරයට සම්බන්ධ නැහැ. පාසල් ක්‍රිකට් සංගමය දැනුවත් වීමකුත් නැහැ. එහෙම මම සම්බන්ධයි කියලා ඔප්පු කළොත් මම මේ තනතුරින් ඉවත් වෙනවා. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා’’ යැයි ඔහු පැවසීය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..