brand logo

දිනේෂ් එක්ක විශේෂ බැඳීමක් නැහැ

23 November 2021

නයෝමි බැඳලද?

අම්මට ඕන මාව උඩරට මනාලියක් විදියට දකින්න

අනාගතයේ ගමක ගුරුවරියක් ලෙස සේවය කරනවා

ඉතා කෙටි කලකින් රසිකයන්ගේ විශ්වාසය හා ආදරය දිනාගත් නයෝමි තක්ෂිලා දීගෙක ගිය වගට ලියවුණ සටහනක් සමග මංගල ජායාරූප පෙළක්ම අන්තර්ජාලයක් එක්ව තිබුණා. අතිශය පෙම්බර ලීලා මවමින් උඩරට මනාලියක සේ සැරසී පෙම්බරයෙකුගේ සුරතේ වෙළී සිටි නයෝමි ඒ ජායාරූප ප්‍රසිද්ධියට පත් වීමත් සමගම සිය රසිකයන් වෙත පැවැසුවේ වෙනස්ම වෙනස් කතාවක්. නයෝමිත් හැමෝටම රහසින් යුගදිවි ඇරබූ බවයි රසික රසිකාවියන් පවසන්නෙ. පහුගිය දවස්වල මම දිනේෂ් එක්ක පෙනී සිටි මංගල ජායාරූප නිසා මම විවාහ වුණා කියල රාවයක් පැතිරුණා. ඇත්තටම මේ ඡායාරූපවල තිබුණ ස්වභාවික බව නිසා ගොඩක් දෙනා හිතල තිබුණෙ මම ඇත්තටම විවාහ වුණා කියලයි. මගේ රසික රසිකාවියන් මගෙන් අහන්න ගත්තා මම කසාද බැන්ද ද කියලා. ඇත්තටම මම විවාහ වුණේ නැහැ. අන්තර්ජාලයෙන් රසික රසිකාවියන් දැක්කේ ෆොටෝ ෂූට් එකක් පමණයි. මේ මංගල ඡායාරූපවලට මේ තරම්ම ආදරණීය හා ස්වභාවික වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? ඔබ විමසන්නෙ මේ ඡායාරූපවල මාත් සමග මගේ මනාලයා ලෙස පෙනී සිටින දිනේෂ් හා මා අතර විශේෂ බැඳීමක් තියෙනවද කියලානේ. ඇත්තටම එහෙම නැහැ. දිනේෂ් නීල පබළු ටෙලි නාට්‍යයේ රඟපාන මගේ සහෝදර රංගන ශිල්පියෙක් පමණයි. මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. කොහොම වුණත් මේ ඡායාරූප නිසා ජනප්‍රියත්වය වැඩිවුණා නේද.. මංගල ඡායාරූප ටිකක් කරල අමුතුවෙන් ගොසිප් එකක් හදාගෙන ජනප්‍රිය වෙන්න මම කොහොමත් අපේක්ෂා කරන්නෙ නැහැ. ඇතත්ටම බඳින දවස කවද ද? මගේ විවාහය සිද්ද වෙන වෙලාවක් කලාවක් හරියටම කියන්න බැහැ. ඒත් දැන් නම් විවාහ වුණොත් හොඳයි කියලා හිතිලා තියෙන්නෙ. නයෝමිගේ මංගල උත්සවය සැලසුම් කරල තියෙන්නෙ මොන විදිහටද? මගේ ජීවිතයේ කිසිම දෙයක් මම ගොඩාක් ඉහළින් සමරපු කෙනෙක් නෙවෙයි. මගේ උපන් දිනයක්වත් මම එහෙම විශේෂයෙන් පවත්වලා නැහැ. මම කැමතියි චාම් විදිහට. ඒ නිසා මගේ විවාහයත් බෙහොම චාම් විදිහට සිද්ධ වෙයි. මංගල දිනයේදී මම උඩරට මනාලියක් විදිහට සැරසෙනවට මගේ අම්මා ආසයි. ඒ නිසා මම මගේ අම්මගේ කැමැත්ත අනුව මගේ මංගල දිනයේදී මම උඩරට මනාලියක් සේ හැඩවෙනවා. මේ දවස්වල කරගෙන යන වැඩ කටයුතු මොනවද? මේ දවස්වල මම රඟපාන නීල පබළු සහ අඳුන්ගිර ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඒ අතර තව විකාශය නොවූ ටෙලි නාට්‍ය ටිකකුත් තියෙනවා. කාලයක් තිස්සෙ නයෝමි නීල පබළුහි පූජා ලෙස රඟපානවා. මේක දැන් ඒකාකාරීයි කියල හිතෙන්නෙ නැද්ද? මම ඊට පෙර ටෙලි නාට්‍යවල රඟපාලා තිබුණත් නීල පබළු කියන්නේ රසිකයන් වැඩි පිරිසක් මාව හඳුනාගත්ත නිර්මාණයක්. දැන් අවුරුදු තුනක් තිස්සේ මේ නාට්‍යයේ පූජාගෙ චරිතය ගලා යනවා. මට නම් ඒ චරිතය බෝරිං නැහැ. මම අදටත් ඒ චරිතය කරන්නෙ හරිම සතුටෙන්. නයෝමිගෙ අනාගත බලාපොරොත්තු මොනවද.. මම ගොඩක්ම ගමෙන් කොළඹට එන්න හේතුව නාට්‍ය හා රංග කලාව හදාරලා ගුරුවරියක් වීමේ අරමුණ ඉටුකරගන්නයි. ඒ අනුව මම ටවර් හෝල් පදනමේ නාට්‍ය රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාව හා උපාධිය සඳහා විභාගවලට පෙනී ඉඳලා එහි ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින්න සූදානම් වෙනවා. ඉන් පසුව මම බලාපොරොත්තු වෙනවා නාට්‍ය හා රංග කලා ගුරුවරියක් ලෙස වෘත්තිය අරඹන්න. ඒ කියන්නෙ නයෝමි රංගනයට සමුදීලා ගුරු වෘත්තියට පිවිසෙනවද... මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත අපේ ගමේ ඉස්කෝලෙ. සෞන්දර්ය විෂයකට තිබුණෙ චිත්‍ර විතරයි. මට නැටුම් ඉගෙන ගන්න ඕන වුණත් අපේ ඉස්කොලේ නැටුම් උගන්වන්න ගුරුවරයෙක් හිටියෙ නැහැ. මම පුද්ගලිකව පංතියකට ගිහින් නැටුම් ඉගෙන ගෙන සාමාන්‍ය පෙළ විභාගයට නර්තනය විෂයට පෙනී සිටියේ. මම මේ වෙද්දි නාට්‍ය හා රංග කලා උපාධිය දක්වා අධ්‍යාපනය ලබලා. නමුත් අද වෙනතුරුත් අපේ ගමේ ඉස්කෝලෙට නාට්‍ය හා රංග කලාව උගන්වන්න ගුරුවරයෙක් නැහැ. ගම්වල අපිට වඩා දක්ෂ ළමයි කෙතෙුත් ඉන්නවා. හැබැයි ඉගෙනගන්න වුවමනා සම්පත් නැහැ. මගේ ලොකු බලාපොරොත්තුව ඒ වගේ දුෂ්කරතා මැද ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නයි. ඒ නිසා මම අනාගතයේ ගමක පාසලක ගුරුවරියක් විදිහට සේවය කරයි. ඒත් මම රංගනය අතහරින්නෙ නැහැ. මේ වෙද්දි නයෝමි නිළියක් වීමේ සිහිනයේ ඵල නෙළාගෙන අවසන් කියලද හිතන්නෙ... මම හැමදාම ආස වුණේ චරිතාංග නිළියක් වෙන්නයි. පුංචි කාලෙ ඉඳන් මම ජයනි අක්කට ආසයි. ඒ වගේ චරිතාංග නිළියක් වෙන්න මම හීන මැව්ව. ඒ හිනය අදටත් මගේ හිතේ තියෙනවා. මම තවම රංගනය ගැන දශමයක් තරම්වත් හදාරල නැහැ. මට තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම විස්වාස කරනවා කවදාක හරි අත්දැකීම් සපිරි රංගන ශිල්පිනියක් විදිහට මට රංගන ක්ෂේත්‍රයේ සලකුණක් වෙන්න හැකිවෙයි කියලා. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..