brand logo

අම්බලන්තොට රිය අනතුරකින් හයදෙනෙකු තුවාල | Photos

28 December 2018

තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රී 11.15 පමණ මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් හයදෙනෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හම්බන්තොට මහා රෝහලට මාරු කර යවා තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්තොට බෝලාන ප්‍රදේශයට අයත් මෝටර් රථයක් හා අම්බලන්තොට මාමඩල ප්‍රදේශයට අයත් ත්‍රිරෝද රථයක් බවයි පොලීසිය පැවසුවේ. ත්‍රිරෝද රථය අම්බලන්තොට සිට නෝනාගම දෙසටත් ,මෝටර් රථය නෝනාගම දෙස සිට අම්බලන්තොට දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෝටර් රථයේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබු කුඩා පාලමක වැදී පසුව ත්‍රිරෝද රථයේ ගැටී තිබෙනවා. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ සිටි කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු හා මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලුදෙනාම තුවාල ලබා මෙසේ රෝහල් ගත කර තිබෙන අතර අනතුරින් වාහන දෙකකටම දැඩි හානි සිදුව තිබෙනවා. අනතුර සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.
 

More News..