brand logo

අම්බලන්තොට ප්‍රධාන මාර්ගයක් ගිලාබසී - පවුල් 2000ක් විශාල ගැටළුවක

12 November 2018

අම්බලන්තොට පුහුල්යාය බොරලැස්ස ප්‍රධාන මාර්ගය අද (12) අලුයම ගිලා බැසීම නිසා මාර්ගයේ එක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී බිදී ගොස් ඇත. පැවති අයහපත් කාලගුණික තත්වයත් සමග අම්බලන්තොට නගරය හරහා ගලා බසින වලවේ ගගේ ජල මට්ටම ඉහල යාමත් සමග ගගෙහි වැඩි ජලය පිටමන් කිරීම සදහා යොදා ඇති වාරි ඇල මාර්ග ඔස්සේ පැමිණි අධික ජලය නිසා කොන්ක්‍රීට් අතුරා සකස් කර ඇති මාර්ගයේ යටින් යොදා ඇති පස් තට්ටුව සම්පූර්ණයෙන් සේදී යාම නිසා බොරලැස්ස මාර්ගයේ කොටසක් මෙලෙස ගිලා බැස ගොස් තිබේ. පවුල් 2000 කට අධික පිරිසක් තම දෛනික කටයුතු ඉටුකර ගැනීම සදහා භාවිතා කරනු ලබන මෙම මාර්ගයේ එක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී බිදී ගොස් ඇති අතර මාර්ගයේ අනෙක් කොටසද ඉරි තලා තිබීම නිසා මෙම මාර්ගයේ තව දුරටත් ගමන් ගන්නා මගීන්ගේ ජීවිත දැඩි අවධානම් තත්වයක පවතින බවද ප්‍රදේශවාසීහු පවසති.
 

More News..